Sunday, September 29, 2024

General line - 0115112241

දිවයිනේ නන්දෙසින් පාඨකයින් රැසක් කොළඹ පොත් ප්‍රදර්ශන භූමියට




කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ අද කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන්නේ තෙවන දිනයටයි.

දිවයිනේ නන්දෙසින් පැමිණි පාඨකයින් රැසක් මේ වනවිටත් ප්‍රදර්ශන සමඟ එක්ව සිටිනවා.

පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් 25වන වරට මෙවරත් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සංවිධාන කර තිබෙනවා.

එම සංගමයේ ප්‍රධාන ලේකම් දිනේශ් කුලතුංග පැවසුවේ මේ වනවිටත් අති විශාල පාඨකයින් පිරිසක් පොත් ප්‍රදර්ශනයට සහභාගී වීමට පැමිණෙන බවයි.


පොත් කැටය සඳහා පරිත්‍යාග සිදුකල නෙත් ශ්‍රාවකයන් කිහිප දෙනෙකු ද මෙහිදී අදහස් පළ කළා.