Monday, September 30, 2024

General line - 0115112241

චීන ජනපතිවරයාගෙන් ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන 




චීන මහජන සමූහාණ්ඩුවේ 75වන ජාතික දිනයට සමගාමිව චීන ජනාධිපති ෂී ජින් පිං  රටේ සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ ආදර්ශවත් කණ්ඩායම් හා පුද්ගලයන් වෙත සම්මාන ප්‍රදානය කර තිබෙනවා.

එවැනි එකමුතුකම සහ ප්‍රගතිය ප්‍රවර්ධනය කිරීම සඳහා දායක වූ ආදර්ශ සංවිධාන 352ක් සහ කැපී පෙනෙන පුද්ගලයන් 368ක් ඇගයීමට ලක් විය.

සමස්ත ජාතීන්ගේ සමගිය හා ප්‍රගතිය වෙනුවෙන් මහඟු සේවය ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් වෙනුවෙන් පැවති මෙවර සම්මාන පිරිනැමීමේ උත්සවයේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ජාතීන් 56 එකතු වීමෙන් චීන ජාතික පොදු හවුල නිර්මාණය වී ඇති බවයි.

තවද පාලක පක්ෂය වශයෙන් චීන කොමියුනිස්ට් පක්ෂය ස්ථාපිත වූ දා සිට මේ දක්වා ජනවාර්ගික සමගිය වෙනුවෙන් දුර්දර්ශී හා බුද්ධිමත් පියවර ගෙන ඇතැයි චීන ජනාධිපතිවරයා එහිදී කියා සිටියා.

චීන ජාතික පොදු හවුල සඳහා විශිෂ්ට සේවයක් ඉටු කළ කණ්ඩායම් හා පුද්ගලයන් අගය කිරීමේ අරමුණින් 1988 වසරේ සිට සෑම වසර 5කට වරක් චීන රජය මෙවැනි සම්මාන පිරිනැමීමේ උත්සවයක් පවත්වනු ලබනවා.

සියලු ජනවර්ගවල එකමුතුකම සහ වෙහෙස මහන්සි වී වැඩ කිරීම සඳහා පොදු මතවාදී සහ දේශපාලන පදනම තහවුරු කිරීම අත්‍යවශ්‍ය බවද ඔහු  පවසා සිටියා.