Monday, September 30, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ නමින් නව අත්ඔරලෝසු මාදිලි රැසක් වෙළඳපොළට




ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොවැම්බර් මස ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සිය වෙළඳ භාණ්ඩ ලැයිස්තුවට නව අයිතමයක් එකතු කර තිබෙනවා.

ඒ තම රසිකයින්ට විශේෂ සංස්කරණයක් වන 'ට්‍රම්ප් ඔරලෝසු' මාදිලි රැසක් හදුන්වා දෙමින්.

අත්ඔරලෝසු සදහා ට්‍රම්ප් නාමය භාවිතා කිරීම මෙහි විශේෂත්වයක් වනවා.

78 හැවිරිදි ඔහු ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාව වන Truth Social හි සටහනක් හරහා දියත් කිරීම නිවේදනය කර තිබෙන බවයි විදෙස් මද්ධ්ය වාර්තා කරන්නේ.

එම නව අත් ඔරලෝසු සදහා ඔබ දැඩි කැමැත්තක් දක්වනු ඇති බවත් නත්තල් ත්‍යාගයක් ලෙස ලබාදීමට එය ඉතා සුදුසු බවත් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා සදහන් කරනවා.

කෙසේ වෙතත්, ඔරලෝසු දැනට ලබා ගත හැක්කේ පෙර-ඇණවුම සඳහා පමණක් වන බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ 

මෙහි ඒක් අත්ඔරලෝසු  මාදිලියක් වන ටුවර්බිලියන්  සුඛෝපභෝගී ඔරලෝසුවක් වන අතර. කැරට් 22 රත්තරන් වලින් නිමවා දියමන්ති ඔබ්බවන ලද එකකි.

එම වෙබ් අඩවිය පවසන්නේ එවැනි ඔරලෝසු 147ක් පමණක් නිෂ්පාදනය කරන බවත් එය එකතුකරන්නන්ගේ භාණ්ඩයක් බවට පත් කරන බවත්ය.

ටුවර්බිලියන්  ට්‍රම්ප් අත්ඔරලෝසුවේ මිල සටහන් වන්නේ ඇමෙරිකා ඩොලර් ලක්ෂයක් ලෙසයි.

අනෙක් මාදිලිය  ඇමෙරිකා ඩොලර් 499 සිට 799 දක්වා මිල ගණන් යටතේ ට්‍රම්ප් අත්ඔරලෝසු මිලදී ගැනිමේ හැකියාව පවතිනවා.