Wednesday, November 27, 2024

General line - 0115112241

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පෙරවරුවේ සිටම පාඨකයින්ගෙන් පිරී යයි




සිව්වන දිනටත් ක්‍රියාත්මක කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා මේ වනවිටත් දිවයිනේ නන් දෙසින් ජනතාව පැමිණෙමින් සිටිනවා.

කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය ලබන 06 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඒ, පෙරවරු 09.00 සිට රාත්‍රී 09.00 දක්වායි. 25 වන වරටත් පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ තවත් තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා ප්‍රදර්ශන භූමියේ ස්ථාපිත නෙත් කුටියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමඟින්.


කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන පරිශ්‍රයේ නෙත් එෆ් එම් කුටියක් ද ස්ථාපිත පොත් කැටය සඳහා අද පෙරවරුවේ ද බොහෝ පිරිසක් පොත් පරිත්‍යාග කළා.

දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා තමන්ට ලබාදුන් අවස්ථාව පිළිබඳ එලෙස පොත් පරිත්‍යාග කළ පිරිස අතරින් කිහිප දෙනෙකු නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පල කළා.