Sunday, October 6, 2024

General line - 0115112241

අවසන් දිනයේත් පාඨකයින් විශාල පිරිසකගෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පිරී යයි




25 වන වරටත් නෙත් එෆ් එම් රේඩියෝව මාධ්‍ය අනුග්‍රහයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය විසින් සංවිධාන කළ කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ අවසන් දිනය වන අද දිනයේත් පස්වරු කාලය වනවිට බොහෝ පාඨකයින් පිරිසක් කොළඹ බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයට පැමිණෙමින් සිටිනවා.

සිරිමාවෝ බණ්ඩාරණායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථාන භූමියේදී ක්‍රියාත්මක පොත් ප්‍රදර්ශනය අද රාත්‍රී 09.00 න් අවසන් වනවා.

පොත් ප්‍රදර්ශනය සම්බන්ධයෙන් තවත් තොරතුරු දැනගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා එම ප්‍රදර්ශන භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත ජයන්ත ප්‍රේමලාල් සමඟ.

>


මේ අතර කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙත පැමිණෙන ඔබට, දුෂ්කර පාසල්වල ඉගෙනුම ලබන දරු දැරියන් වෙනුවෙන් සවියක් වීම සඳහා නෙත් එෆ් එම් රේඩියෝව අවස්ථාවක් උදා කර දී තිබෙනවා.

ඒ අනුව ප්‍රදර්ශන පරිශ්‍රයේ ස්ථාපිත නෙත් එෆ් එම් කුටියට පැමිණ එහි ස්ථාපිත පොත් කැටයට පොත් පරිත්‍යාග කිරීමෙන් ඔබටද මෙම මහඟු අවස්ථාවට සම්බන්ධ විය හැකියි.

එම පොත් කැටයට එකතු වූ පොත් ඉදිරියේදී දුෂ්කර පාසල් සඳහා ලබාදීමට මේ වනවිට වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි නෙත් එෆ් එම් රේඩියෝවේ අලෙවි සහකාර සාමාන්‍ය අධිකාරි සුනිල් ශාන්ත මහතා පැවසුවේ.