Tuesday, October 22, 2024

General line - 0115112241

ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණයට පෙර ලොව ප්‍රමුඛ පෙළේ අවන්හලක සේවයට එක්වෙයි




අමෙරිකාවේ රිපබ්ලිකන් පක්ෂයේජනපති අපේක්ෂක  ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා එක්සත් ජනපද ජනාධිපතිවරණයට පෙර පෙන්සිල්වේනියාවේ ප්‍රචාරක කටයුතුවල යෙදී සිටියදී ලොව ප්‍රමුඛ පෙළේ අවන්හල් ජාලයක්වන මැක්ඩොනල්ඩ්හි සේවකයෙක් හැටියට සේවය කරමින් එහි පාරිභෝගිකයන්ට පිසූ ආහාර අළෙවි කර තිබෙනවා 

එහි සේවකයකු ලෙස සිය ඇදුම් පවා වෙනස් කරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කළේ.

78 හැවිරිදි හිටපු ජනාධිපති ට්‍රම්ප් විසින් එම අවන්හලේ කවුළුව හරහා ආහාර ලබා දී ඇති අතර, එය තමා විසින්ම සකසා ඇති බව පවසමින් පාරිභෝගිකයින්ට ලබා දී තිබෙනවා.

පසුව හිටපු ජනාධිපතිවරයාව එහි පැමිණි පිරිස විසින් හදුනාගෙන කතාබහ කර තිබු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 

මේ පිළිබඳව රිපබ්ලිකන් ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් තම X නිල ගිණුම තුල ඊට අදාල වීඩියෝද පළකරමින්  "මම මේ රැකියාවට කැමතියි, මම මෙතන ගොඩක් විනෝද වෙනවා"  යනුවෙන් සඳහන් කර තිබුනා