Friday, November 22, 2024

General line - 0115112241

ඉන්දියාවට ඩබල්ගේම් නෑ - මෝදි බ්‍රික්ස් සමුළුවේදී කියයි




ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැනි “බරපතල ප්‍රශ්න” සම්බන්ධයෙන් දෙබිඩි පිළිවතක් සඳහා තැනක් නොමැති බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කළේය. 

ඒ, රුසියාවේ කසාන් නුවර පැවති 16 වැනි බ්‍රික්ස් සමුළුවේ සංවෘත පූර්ණ සැසියේදීය.

ත්‍රස්තවාදයට සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමට එරෙහිව කටයුතු කිරීමට අප සියලු දෙනාම එකමුතු විය යුතු අතර ශක්තිමත්ව සහයෝගයෙන් කටයුතු කළ යුතු බව ද අග්‍රාමාත්‍ය මෝදි මහතා සමුළුවේදී පැවසීය. 

16 වැනි බ්‍රික්ස් සමුළුවේදී අගමැතිවරයාගේ ප්‍රකාශය පකිස්තානය පදනම් කරගත් ත්‍රස්තවාදීන්, එක්සත් ජාතීන්ගේ සම්බාධකවලින් ආරක්ෂා කරන බ්‍රික්ස් සාමාජික චීනයට පමණක් නොව කැනඩාව සහ එක්සත් ජනපදය කෙරෙහි ද සියුම් පහරක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

“අපේ රටවල තරුණයින් අතර රැඩිකල්කරණය වැළැක්වීම සඳහා අපි ක්‍රියාකාරී පියවර ගත යුතුයි.'' මෝදි පැවසුවේය.

''එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබඳ විස්තීරණ සම්මුතියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් අපි එකට වැඩ කළ යුතුයි, ” යනුවෙන්ද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.