ස්පාඤ්ඤ රජු ෆිලිපේ සහ රැජිණ ලෙටිසියා මඩ ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
එරට ගං වතුරෙන් පීඩාවට පත් පිරිසක් විසින් එලෙස ප්‍රහාර එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
ඒ, ඔවුන් දෙදෙනො ගං වතුරෙන් පීඩාවට පත් ජනතාව වෙසෙන වැලෙන්සියා ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීයි.
පීඩාවට පත් තමන්ට රජය දක්වන ප්‍රතිචාරය මන්දගාමී බවයි එරට ජනතාව චෝදනා කළේ.
ස්පාඤ්ඤයට බලපෑ ගං වතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් 200 කට වැඩි පිරිසක් මේ වන විට මියගොස් ඇතැයි එරට බලධාරින් පවසනවා.
මියගිය පිරිස තවදුරටත් ඉහළ යා හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
ගං වතුරට හසුව අතුරුදන් වූ පුද්ගලයින් සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.
එරට ජනතාව රජයට චෝදනා කළේ මෙවැනි ව්‍යවසනයක් පිළිබඳ මීට පෙර දැනුවත් කළේ නම් තමන්ට හානිය අවම කර ගැනීමට හැකියාව තිබූ බවයි.