Sunday, November 24, 2024

General line - 0115112241

දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් අද මැතිවරණ කොමිසමට




2024 පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ ඡන්ද පත්‍රිකා සියල්ල මුද්‍රණය කර අවසන් බව මැතිවරණ කොමිසම පවසනවා.

එහි සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා පැවසුවේ එම ඡන්ද පත්‍රිකා සියල්ල දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරින් වෙත මේ වන විට භාරදී අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ රැස්වීමක් අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ඒ, රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදීයි.

මෙවර මහමැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කිරීමට නියමිතයි. 

දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් සහ සහකාර දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරුන් ද අද මැතිවරණ මහ ලේකම් කාර්යාලට කැඳවා තිබෙනවා.

මහ මැතිවරණයේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් එහිදී එම නිලධාරින් දැනුවත් කිරීමට නියමිත බවයි මැතිවරණ කොමිසමේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

මේ අතර මෙවර මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු ලබාදිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති ආර් එම් ඒ එල් රත්නායක මහතා මෙලෙස කරුණු පැහැදිලි කළා.