Sunday, November 24, 2024

General line - 0115112241

ගෝල්ෆේස් පිටිය ගැන තීරණයක්




විවිධ සාමාජ ක්‍රියාකාරකම් සඳහා ගාලු මුවදොර පිටිය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසුවේ ගාලුමුවදොර පිටිය ආගමික කටයුතුවලට පමණක් ලබා දීමට පසුගිය අප්‍රේල් 17 වනදා පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කර තිබූ බවයි.

කෙසේවෙතත් වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් ලෙස මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීමටයි තීරණය වී ඇත්තේ.

ඒ අනුව, “පිරිසිදු හා හරිත ගාලු මුවදොර පිටියක්” යන සංකල්පය මත පදනම්ව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත්ව හා විනිවිදභාවයෙන් යුතුව සිදුකිරීම පිණිස අවශ්‍ය පියවර ගැනීම සඳහා අමාත්‍ය මණ්ඩලයට යෝජනාවක් ඉදිරිපත් කෙරුණා.  

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය විජිත හේරත් මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.