Sunday, November 24, 2024

General line - 0115112241

ජනපතිගේ රුව ඇතුළත් ව්‍යාජ මුදල් නෝට්ටුවක් සමාජ මාධ්‍යයට එක් කළ සැකකරු රිමාන්ඩ්




ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ රුව ඇතුළත් කරමින් රුපියල් 5,000ක නෝට්ටුවක් ව්‍යාජව සකස් කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්.

ඔහු අතුරුගිරිය, කොරතොට, මහදෙනිය ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක් වනවා.

සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පුද්ගලික ආයතනයක අලෙවි නිලධාරියෙකු ලෙස සේවය කරන අයෙකු බවද විමර්ශනවලදී අනාවරණ වූ බවයි පොලීසිය පැවසුවේ.

ඔහු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.