Sunday, November 24, 2024

General line - 0115112241

සැබෑ ජනතා නියෝජිතයන් පාර්ලිමේන්තුවට යවන හැටි මාලිමාව කියයි




මෙරට දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම හරහා සැබෑ ජනතා නියෝජිතයින් පමණක් පාර්ලිමේන්තුවට පත් කිරීමට අවස්ථාව සැලසෙන බව ජාතික ජන බලවේගය පවසනවා.

ඒ සඳහා ජාතික ජන බලවේගය මේ වන විටත් කටයුතු කර ඇති බවයි එම පක්ෂයෙන් මෙවර මහමැතිවරණය සඳහා  ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරඟ කරන වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පැවසුවේ.

ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 


සමගි ජන බලවේගය නියෝජනය කරමින් කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මෙවර මහමැතිවරණයට තරඟ කරන මහාචාර්ය චරිත හේරත් මහතාද නෙත් එෆ් එම් අන්ලිමිඩට් කණපිට වැඩසටහනට එක් වුණා. 


මේ අතර නෙත් එෆ් එම් අන්ලිමිඩට් වැඩසටහන අද රාත්‍රී 07යි 30ට ප්‍රචාරය වනවා.

අමාත්‍ය විජිත හේරත් මහතා අද වැඩසටහනට එක්වනවා.