Tuesday, December 3, 2024

General line - 0115112241

අල්ලස් ගත් රාගම විදුහල්පතිනියක් අත්අඩංගුවට




අල්ලස් ලෙස රුපියල් එක් ලක්ෂ 50,000ක මුදලක් ලබා ගත් රාගම ප්‍රදේශයේ ප්‍රාථමික පාසලක විදුහල්පතිනියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, රාගම, මත්තුමගල ප්‍රදේශයේ කාන්තාවක් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

අදාළ විදුහල්පතිනිය සිය පාසල් කාර්යාලය තුළදී එම මුදල ලබා ගත් අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ.

සැකකාර විදුහල්පතිනිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.'