Sunday, November 24, 2024

General line - 0115112241

නොවැම්බරයේ අස්වැසුම ප්‍රතිලාභී දීමනාව ලබන සඳුදා ගිණුම් වෙත




නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව ලබන සඳුදා දිනයේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එහි සභාපති ජයන්ත විජේරත්න මහතා පැවසුවේ සියලුම ප්‍රතිලාභීන්ට ලබන අඟහරුවාදා දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි.

ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92, 481ක් අතරේ එලෙස ලබා දෙන මුලු මුදල දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් 750ක මුදලක් ලබා දෙන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.