මෙම වසරේ මුල් මාස 10 තුළ ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
එම කාලය තුළ අමෙරිකානු ඩොලර් මිලියන 5,431යි දශම 5යි 4ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයක් ලැබී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පැවසුවේ.
එය පසුගිය 2023 වසරේ මුල් මාස 10 තුළ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව සියයට 11යි දශම 7ක වැඩි වීමක්.
මෙම වසරේ පසුගිය ඔක්තෝබර් මාසය තුළ පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 587යි 7ක විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ලැබී ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පැවසුවා.