Sunday, November 24, 2024

General line - 0115112241

මැතිවරණ නීති කැඩූ පුද්ගලයින් 364ක් පොලීසිය අල්ලයි - අපේක්‍ෂකයින් 11කුත් ඒ අතර




මැතිවරණ නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 364 දෙනෙකු මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ ඒ අතර අපේක්‍ෂකයින් 11 දෙනෙකුද සිටින බවයි. 

නීතිවිරෝධී පෝස්ටර් සහ කටවුට් ඉවත් කිරීම සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අදහස් පළ කළා.

මේ අතර පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ දිනය දක්වා මහමැතිවරණයට අදාළ පැමිණිලි 2,348ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා.