Sunday, November 24, 2024

General line - 0115112241

පොඩි ලැසීගේ ජංගම දුරකතනයක් STF සොයාගනී




බුස්ස අධිආරක්ෂිත බන්ධනගාරයේ රඳවා සිටින ජනිත් මධුශංක නොහොත් පොඩි ලැසි භාවිත කල ජංගම දුරකථනයක් සහ උපාංග කිහිපයක් සොයාගෙන තිබෙනවා.

පොඩි ලැසි රඳවා සිටින එම බන්ධනගාරයේ විශේෂ අංශයේ ් කොටසේ අංක 42 සිරමැදිරිය හදිසි පරික්‍ෂාවකට පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තිබුණා.

එම අවස්ථාවේ පොඩි ලැසී විසින් අදාළ ජංගම දුරකතනය සහ උපාංග සිරමැදිරියේ පිටුපස කවුලුවෙන් ක්ෂණිකව විසිකළ බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

ඒ අනුව ඔහු විසින් විසි කළ නවීන ජංගම දුරකථනයක්, චාජර් 01ක්, ඩෙටා කේබල් 01 ක් සහ හැන්ඩ් ෆ්‍රී 01ක් ඇතුළු උපකරණ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා.

එම තහනම් උපකරණ වැඩිදුර විමර්ශන සඳහා බූස්ස බන්ධනාගාර පාලනාධිකාරිය වෙත භාර දුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවේ.