ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාව විසින්. ඇල්පිටිය ප්රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ප්රකාශයට පත් කර ඇත්තේ නිශාන්ත පෙරේරා මහතායි.
සුමිත් චන්දන මහතා ඇල්පිටිය ප්රාදේශීය සභාවේ උප සභාපතිවරයා ලෙස එම ගැසට් නිවේදනයෙන් ප්රකාශයට පත් කර තිබෙනවා.
පසුගිය ඔක්තෝබර් 26 වනදා ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණය පැවැත්වුණා.
එහිදී එම ප්රාදේශීය සභාවේ බලය තහවුරු කර ගැනීමට ජාතික ජන බලවේගය සමත් වුණා.
ඒ, ඡන්ද කොට්ඨාස 17න් 15ක්ම දිනා ගනිමින්.