Sunday, November 24, 2024

General line - 0115112241

සුජීවගේ V8 වහනය ගැන රජයේ රස පරීක්ෂකගේ වාර්තාව එලියට 




සුජීව සේනසිංහ මහතාට අයත් V8 වාහනය එකලස් කරන ලද එකක් නොවන බවට රජයේ රස පරීක්ෂකවරයා විසින් තහවුරු කර තිබෙනවා.

එල්.ටී.ටී.ඊය භාවිත කළ ඇඳුම් කිහිපයක් ඇති බවට පළ වූ වාර්තා අනුව පසුගිය සතියේ සේනසිංහ මහතාගේ නිවසද සෝදිසි කිරීමට ලක් කරනු ලැබුවා.

කෙසේ නමුත් සමගි ජන සන්ධානයේ ජාතික සංවිධායක සහ ජාතික ලැයිස්තු නාමයෝජනාඅපේක්ෂක සුජීව සේනසිංහ මහතා පවසා සිටියේ  එම V8 වාහනය රජයේ රස පරීක්ෂකවරයාට භාරදුන් බවත් වාහනය සත්‍ය එකක් බව තහවුරු වූ පසුව වහනය  මුදාහැරිය බවයි.

පසුගිය සතියේ නිවසේ සිදු කරනු ලැබූ සෝදිසි කිරීම සම්බන්ධයෙන් ඊට එරෙහිව මූලික අයිතිවාසිකම් සහ අපහාස නඩු පවරන බවද  ඔහු වැඩි දුරටත් සඳහන් කර සිටියා.