Friday, November 22, 2024

General line - 0115112241

ගැටුම් නිරාකරණයට ඊශ්‍රායලය ඉන්දියාවේ සහය පතයි




බටහිර ආසියාවේ ගැටුම් නිරාකරණය කිරීම සඳහා ඉන්දියාව එහි අත්‍යවශ්‍ය අංගයක් වන බව ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් පවසනවා.

ඉන්දියාවෙන් මැදපෙරදිග කලාපයේ  රටවලට පිරිනැමීමට බොහෝ දේ ඇති බවයි ඔහු පවසන්නේ.

බටහිර ආසියාවේ ආතතීන් සම්බන්ධයෙන් ඊශ්‍රායලය ඉන්දීය රජයෙන් බලාපොරොත්තු වන ආකාරය පිළිබඳව ද ඔහු අදහස් දැක්වීය.

ඒ අනුව ඊශ්‍රායලය ඉන්දීය රජය සමඟ සංවාදය අඛණ්ඩව පවත්වා ගෙන යන බවයි ඔහු පැවසුවේ.

ඉන්දියාවේ ඊශ්‍රායල තානාපති රූවන් අසාර් 2024 එක්සත් ජනපද ජනාධිපතිවරණයේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජයග්‍රහණය පිළිබඳව ද සිය අදහස් ප්‍රකාශ කළ අතර එක්සත් ජනපදයේ අනාගත විදේශ ප්‍රතිපත්ති මාරුවීම් පිළිබඳව අදහස් දක්වා තිබුණා.

ඔහු පැවසුවේ ට්‍රම්ප්ගේ ජයග්‍රහණය එක්සත් ජනපදයේ සැලකිය යුතු දේශපාලන වර්ධනයක් ලෙස හැඳින්විය හැකි බවයි