ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලසුමක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බව මුදල් අමාත්‍යංශය පවසනවා.
එලෙස කටයුතු කිරීම නව රජයේ ප්‍රතිපත්තිය හා අනුකූල නොවන බවයි එම අමාත්‍යංශය පෙන්වා දෙන්නේ.
ඒ අනුව දරුවන් හා ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසහනක් වඩාත් ඵලදායිතාවයකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙනවා.
ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයා දෙමින් ශ්‍රි ලංකා ත්‍රිපෝෂ සමාගම වඩාත් ශක්තිමත් හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ගනු ලබන බවයි මුදල් අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමට රජය සූදානම් වන බවට ඇතැම් පාර්ශව මීට පෙර චෝදනා කළා.
කෙසේවෙතත් පසුගිය සැප්තැම්බර් 27 වනදා අතිවිශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කරුණු පදනම් කරගනිමින් ජනතාව නොමග යවන සුළු ප්රවෘත්ති නිර්මාණය කිරීම හා ඒවා ජනතාව අතර ප්‍රචාරය කිරීමට විවිධ පාර්ශවයන් උත්සාහ දරමින් සිටින බවයි මුදල් අමාත්‍යංශය පැවසුවේ.