Sunday, November 24, 2024

General line - 0115112241

කොළඹ සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය ඔන්ලයින් මුදල් ජාවාරම ගැන තවත් තොරතුරු එළියට




කිරුළපන, හැව්ලොක්හි සුපිරි මහල් නිවාස සංකීර්ණයක පවත්වාගෙන ගිය අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් පොලිසිය විසින් අනාවණය කරගෙන තිබෙනවා.

ජාවාරම පවත්වාගෙන යාම සඳහා එම මහල් නිවාසයේ 40 වන මහළ රුපියල් ලක්ෂ   90 ක මාසික කුලී පදනම මත ලබාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් අදාළ ස්ථානයේ සිදුකල වැටලීමේදී දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි පුද්ගලයන් 59 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අතර කාන්තාවන් 23 දෙනෙකු ද සිටින බවයි අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.


ඉතා සූක්ෂම ලෙස මෙම ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.



විදෙස් රටක පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරීමේ මෙම ජාවාරම මෙහෙයවන බවට නිරීක්ෂණය වී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් පැවසුවා.