Tuesday, December 3, 2024

General line - 0115112241

පළාත් කිහිපයක වැසි තත්ත්වය තවදුරටත් - අකුණු අනතුරු ගැනත් දැනුම් දීමක්




වැසි තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා කියා සිටියේ උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට වැඩි වශයෙන් වැසි අපේක්ෂා කළ හැකි බවයි. 


අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා පියවර ගන්නා ලෙසටද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ජනතාවගෙන් ඉල්ලීමක් ද කළා.