Thursday, December 26, 2024

General line - 0115112241

සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය බව හිටපු මැතිවරණ කොමසාරිස් කියයි

එන් ඒ ඩබ් නිරෝෂන්




ඡන්දය ප්‍රකාශ කිරීම ජනතාවගේ මූලික අයිතිවාසිකමක් බැවින් සියලු පුද්ගලයින් ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්යයෙන්ම සිදුකල යුතු බව හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ඡන්දය ප්‍රකාශ නොකිරීමෙන් සිදු වන්නේ ඇතැම් පාලකයන්ට අවශ්‍ය වන පරිදි ජනතාව පාලනය කිරීමට පෙළඹීම බවයි ඔහු සඳහන් කළේ


ජනතාව ඡන්දය ප්‍රකාශය කිරීමේ අවශ්‍යතාව පිළිබඳව සමාජ මාධ්‍ය හරහා ද අද දිනයේ සිට විශේෂ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට බලාපොරොත්තු වන බවයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.