Thursday, December 26, 2024

General line - 0115112241

නීති විරෝධිව එකලස් කළ තවත් ඩිෆෙන්ඩර් රථයක් සොයා ගැනේ




මහනුවර පල්ලේකැලේ ප්‍රදේශයේ නිවසක් තුළ තිබී සැක සහිත ඩිෆෙන්ඩර් රථයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිදුකල පරික්ෂා කිරීම්වලදී අනාවරණවී ඇත්තේ එම රථය ලියාපදිංචි කර නොමැති බවත් චැසි අංකය හා එන්ජිම් අංකය ද නොමැති බවයි.

ඒ අනුව අදාළ ඩිෆෙන්ඩර් රථය නීති විරෝධීව එකලස් කරන ලද රථයක් බවට තහවුරුවී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එම නිවෙස් හිමියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ජයශ්‍රී උයන, පල්ලේකැලේ ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර කටාන, කටියන ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ, එකලස් කළ බවට සැක කෙරෙන ‘වී එයිට්’ වර්ගයේ මෝටර් රථයක් කටාන පොලීසිය විසින් පසුගියදා සොයා ගනු ලැබුවා.

අදාළ මෝටර් රථය සොයාගත් නිවසේ හිමිකරුවන් පොලීසියට පවසා ඇත්තේ එම මෝටර් රථය විදෙස් රටකින් ගෙන්වූවක් බවයි.

කෙසේවෙතත් අදාළ මෝටර් රථය සම්බන්ධයෙන් පොලීසිය විසින් තවදුරටත් විමර්ශන සිදු කරමින් පවතින බවයි කටාන පොලීසිය පැවසුවේ.

අදාළ මෝටර් රථය එකලස් කළ මෝටර් රථයක් ද යන්න රස පරීක්‍ෂණ වාර්තාවක් ලබා ගැනීමට නියමිත බවද පොලීසිය පැවසුවා.

කෙසේවෙතත් එම මෝටර් රථය ගම්පහ ප්‍රදේශයේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුට අයත් මෝටර් රථයක් බවටද තොරතුරු වාර්තා වනවා.