අම්බලන්ගොඩ, ඌරගස්වත්ත ප්රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යතුරු පැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවලකට තවත් යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබා ඝාතනය කර පළා ගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
එලෙස මියගොස් ඇත්තේ අම්බලන්ගොඩ, කුලියාගොඩ ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 46 ක් වන අඹුසැමි යුවළක්.
පොලිසිය විසින් සිදුකල විමර්ශනවලදී අනාවණවී අදාළ වෙඩි තැබීම ටී 56 ගිනි අවියක් භාවිතා කරමින් සිදුකර ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන ක්රියාත්මකයි.