කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපළේදී, රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රෝද පුටුවක අධාරයෙන් ගුවන්තොටුපළ හරිත මාවත ඔස්සේ ගමන් කරමින් සිටි එම පුද්ගලයාගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේදී ඒ තුළ සූක්ෂම ලෙස සගවා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05 ක ප්‍රමාණයක් සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ගුවන්තොටුපල වාර්තාකරු පැවසුවේ.
රේගු දෙපාර්තමේන්තුව පැවසුවේ එලෙස අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 04 ක් පමණ වන බවයි.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ 10, මරදාන ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලයෙක්.
ගුවන්තොටුපළ වාර්තාකරු සඳහන් කළේ සැකකරු තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි.
එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා සහ ඔහු විසින් රැගෙන ආ කුෂ් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.