නාඩු සහල් හිඟය ලබන වසරේ ජනවාරි දක්වා පැවතිය හැකි බව මරදගහමුල සහල් නිෂ්පාදක සංගමය පවසනවා.
එහි සභාපති ඩී කේ රංජිත් මහතා පැවසුවේ මේ වන විටත් වෙළඳපොළේ නාඩු සහල් අලෙවි වීමේ ද අඩුවක් දක්නට ලැබෙන බවයි.
නාඩු සහල්වල මිල ඉහළ යාමත් සමඟ වෙළඳුන් නාඩු සහල් අලෙවියෙන් ඉවත්වී ඇති බවද ඔහු කියා සිටියා.
මහ කන්නයේ වී අස්වැන්න ලැබෙන තුරු මෙම සහල් හිඟය පැවතිය හැකි බවයි මරදගහමුල සහල් නිෂ්පාදක සංගමයේ සභාපති ඩී කේ රංජිත් මහතා වැඩිදුරටත් පැවසුවේ.