මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත් වුණා.
මහ මැතිවරණයට අදාළ ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කළ බවයි මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ.
විදෙස් නිරීක්ෂණ සංවිධාන සහ මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරින් අතර සාකච්ඡාවක් ද අද පෙරවරුවේ පැවැත් වුණා.
ඒ, මැතිවරණ කොමිෂන් සභාවේදීයි.
විදෙස් නිරීක්ෂකයින් 30 කට ආසන්න ප්‍රමාණයක් මෙවර මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරතවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවා.
මේ අතර අද මධ්‍යම රාත්‍රියේ සිට මැතිවරණ ප්රචාරක කටයුතුවලින් තොර නිහඬ කාලය තුළදී දේශපාලන පක්ෂ, අපේක්ෂකයන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් මැතිවරණ කොමිෂන් සභාවේ නීතිරීතිවලට අනුව කටයුතු කළ යුතු බව පොලිසිය පවසනවා.
එමෙන්ම එම කාලය තුළ ආගමික කටයුතු මුවාවෙන් ප්‍රචාරණ කටයුතු සිදු නොකරන ලෙසද මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සියලු පාර්ශවවලින් ඉල්ලා සිටියා.
ඒ අනුව නීති විරෝධී කටයුතුවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ.