Monday, December 2, 2024

General line - 0115112241

ලොහාන් රත්වත්තේ ඇප මත මුදා හරින ලෙස ඉල්ලා පෙත්සමක්

උදය කුමාර




රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

අදාල පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ශෂී මහේන්ද්‍රන් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එදින මෙම පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙසත් අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබී ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළවයි.

එම සිද්ධියට අදාළව ඔහුගේ    බිරිඳ ද අත්අඩංගුවට ගත් අතර ඇය ද මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගතව පසුවනවා.