Monday, December 2, 2024

General line - 0115112241

ඛලිස්තාන් අන්තවාදීන් ගැන නවසීලන්තයත් බියෙන්




අන්තවාදී කණ්ඩායම් නවසීලන්තයේ ඛලිස්තාන් ජනමත විචාරණ‍යක් පැවැත්වීමට සූදානම් වන විට, ඛලිස්තාන් අන්තවාදීන්ගේ භයානක ක්‍රියා පිළිබඳව නවසීලන්ත බලධාරීන් සහ ප්‍රජා නායකයින් දැඩි කනස්සල්ල පළ කර තිබේ. 

ඒ හමුවේ රට තුළ උද්ගත විය හැකි නොසන්සුන්තාව පිළිබඳ භීතිය අවුලුවාලීම සහ කැනඩාව අත්විඳින ලද අභියෝගවලට සමාන අභියෝගවලට රට මුහුණ දීම වැළැක්වීම සඳහා අනතුරු ඇඟවීම් ඉදිරිපත් කර ඇතැයි ද විදෙස් මාධ්‍යවල සඳහන්.

1984 ඉන්දිරා ගාන්ධි ඝාතනය ඇතැම් කණ්ඩායම් විවෘතව සමරමින් සිටි බව වාර්තා පෙන්වා දෙයි. 

එය ඉන්දියාවට සහ ලොව පුරා සිටින සීක් ඩයස්පෝරාවට දැඩි ප්‍රතිවිපාක ඇති කළ ඛේදජනක සිදුවීමකි.

නවසීලන්ත බලධාරීන්, ඛලිස්තානි අන්තවාදය සමඟ කැනඩාවේ අත්දැකීම්වලට සමාන්තරව, තත්ත්වය සමීපව නිරීක්ෂණය කරයි. 

නවසීලන්තය සාමකාමි සමාජයක් ලෙස පවතින බව සහතික කිරීම සඳහා බලධාරීන් කැනඩාවේ අර්බුධයෙන් ලබාගත් අත්දැකීම් වලින් ඉගෙන ගැනීමට උනන්දු වෙති.