මහමැතිවරණයක මෙතෙක් ඉතිහාසයේ දුටු පරිවර්තනීය වෙනසක් මෙවර සිදු වී ඇතැයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පවසනවා.
ඔහු කියා සිටියේ ජනාධිපතිවරණයේ ප්රතිඵල මීට හේතු වී ඇති බවයි.
මහමැතිවරණය ජයග්රහණය කරන අපේක්ෂකයින් පිළිබඳ මීට පෙර පුරෝකථනයන් සිදු කළ හැකිව තිබුණද මෙවර එයද අතිශය දුෂ්කර වී ඇති බවයි පැෆ්රල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසුවේ.
ජනාධිපතිවරණයේ ප්රතිඵල හේතුවෙන් රටේ ඇති වූ වෙනසට අනුගත වීමට දේශපාලඥයින්ට පවා සිදුව ඇතැයි ලිබරල් යූත් මූව්මන්ට්හි නිර්මාතෘ නාමිනි පණ්ඩිත මහත්මිය පවසනවා.
මෙම අදහස් පළ කෙරුණේ ඊයේ රාත්රියේ ප්රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් කණපිට වැඩසටහනේදීයි.