Tuesday, November 19, 2024

General line - 0115112241

මෙරට සිට රත්තරන් තොගයක් ඉන්දියාවට රැගෙන යමින් සිටි දෙදෙනෙකු ඉන්දියානු වෙරළ ආරක්ෂක නිලධාරින් භාරයට

දිනසෙන් රතුගමගේ




නීති විරෝධී ලෙස රත්තරන් කිලෝ 4 යි ග්‍රෑම් 500 ක් මෙරට සිට ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මදුරාසි රේගු නිලධාරීන් හා වෙරල ආරක්ෂක නිලධාරීන් විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

ශ්‍රී ලංකාවේ තලෙයිමන්නාරම හා පේසාලේ අතර මුහුදු සීමාවෙන් මෙම රත්තරන් තොගය බෝට්ටුවට පටවා ගත් ප්‍රධාන ජාවාරම්කරු රාමේස්වරන් හරහා ගමන් කිරීමට උත්සහ කරමින් සිටියදී අතරමග මුහුදේදී අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ. 

අත්අඩංගුවට ගත් දෙදෙනාගෙන් එක් අයෙකු බෝට්ටුකරු වන අතර අනෙක් පුද්ගලයා ඉන්දීය සම්භවයක් සහිත ශ්‍රී ලාංකිකයෙකු බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. 

සැකකරුවන් සතුව තිබී සොයාගෙන ඇති රත්තරන් තොගයේ වටිනාකම රුපියල් කෝටි 10 කට වඩා අධික වන බවයි පැවසෙන්නේ. 

ලද තොරතුරකට අනුව මීටර් 1200 ක් පමණ දුර බෝට්ටු වලින් ගොස් මදුරාසි රේගු නිලධාරීන් හා වෙරලාරක්ෂක නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වුණා.