Thursday, December 26, 2024

General line - 0115112241

යුක්‍රේනය අමෙරිකානු මිසයිලවලින් රුසියාවට පහර දෙයි




යුක්‍රේනය පළමුවරට අමෙරිකාව ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කරමින් රුසියාවට පහර දී තිබෙනවා. 

ඒ, තමන් ලබා දුන් දිගු දුර මිසයිල භාවිත කිරීමට අමෙරිකාව විසින් අවසර ලබා දී පැය 24ක් ගතවනවාත් සමගයි. 

අමෙරිකාව ලබා දුන් මෙම මිසයිලවලට කිලෝමීටර් 300ක් දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකියි.

රුසියානු වාර්තාවලට අනුව මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ යුක්‍රේනයට ආසන්නයේ පිහිටි රුසියාවට අයත් බ්‍රයන්ස්ක් ප්‍රදේශයටයි. 

මිසයිල පහක් මෙහිදී එල්ල කර ඇති බවත් එක් ප්‍රහාරයකින් හමුදා කඳවුරකට හානි සිදුව ඇති බවත් රුසියානු මාධ්‍ය වාර්තා කරනවා. 

එහෙත් අමෙරිකානු වාර්තාවලට අනුව යුක්රේනය විසින් රුසියාවට මිසයිල ප්‍රහාර අටක් එල්ල කර තිබෙනවා. 

රුසියාව මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කළද යුක්‍රේනය ඊට අදාළ කිසිවක් ප්‍රකාශ කර නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

රුසියාවේ විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් චෝදනා කර ඇත්තේ අමෙරිකාව විසින් යුක්‍රේන් -රුසියා ගැටුම උත්සන්න කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.

යුක්රේන හමුදා දැනටමත් රුසියාවේ වර්ග කිලෝමීටර් 1,000කට වඩා වැඩි භූමි ප්‍රදේශයක් සියතට ගෙන තිබෙනවා.