Thursday, December 26, 2024

General line - 0115112241

චීනයේ වැඩවර්ජන හා විරෝධතා ඉහළ යයි




වැඩවර්ජන හා විරෝධතා සපුරා තහනම් චීනයේ කම්කරුවන් සහ කර්මාන්ත සේවකයින්ගේ වැඩවර්ජන සහ විරෝධතා පැන නැගී ඇත. 

බොහෝ විරෝධතා පැවැත්වුණේ ඉතා වැදගත් වසන්ත සැණකෙළියට පෙරයි. ඒ නොගෙවූ වැටුප් හා කම්හල් වසා දැමීම හේතුවෙන්.

2024 පළමු භාගයේ දී, කම්කරුවන් විසින් පවත්වන ලද සමස්ත විරෝධතා සහ වැඩ වර්ජන සංඛ්‍යාව 719 ක් බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.

හිඟ වැටුප්, අමානුෂික වැඩ කරන වේලාවන්, කම්හල් ස්ථාන මාරු කිරීම් සහ වසා දැමීම් සම්බන්ධයෙන් පුලුල් නොසන්සුන්තාවක් චීනය තුළ උද්ගතව පවතී.

හෙබෙයි පළාතේ ඉදිකිරීම් කම්කරුවෙකු වන මා හුයි පැවසුවේ තම සේවායෝජකයා ඇයට වැටුප් නොගෙවූ නමුත් මාස තුනකට ආහාර ද්‍රව්‍ය පමණක් ලබා දුන් බවයි. 

“ඒ කාලය තුළ, මට මාස කිහිපයක් සඳහා ජීවන වියදම් නොතිබූ අතර, මගේ ප්‍රධානියා මට මුදල් ණයට දුන්නේ නැත.''  ටොයිලට් පේපර්, දන්තාලේප වැනි මූලික දෛනික අවශ්‍යතා මිලදී ගැනීමටවත් මට මුදල් තිබුණේ නැහැ.'' යනුවෙන් ඇය පැවසුවාය.

විශ්‍රාමික හමුදා නිලධාරියෙක් සිය අතෘප්තිය ප්‍රකාශ කිරීම සඳහා බීජිං හි ගොඩනැගිල්ලක් මත බැනරයක් අල්ලාගෙන සිටියේය. 

තවත් විරෝධතාකරුවෙක් දින දෙකකට පසුව එම ක්‍රියාවම අනුගමනය කළේය. 

සේවයෙන් පහ කිරීම සහ ගෙවිය යුතු මුදල් නොගෙවීම් වැඩිවෙමින් පවතින බැවින් විරෝධතා තවදුරටත් දරුණු වී ඇත. 

වර්ජනවල වැඩිවීම ආර්ථිකය වැඩිදියුණු කිරීමට අරගල කරන විට වැඩිවන සමාජ පීඩනය පිළිබිඹු කිරීමක් බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.