විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වූ වාර්තාව හෙට දින විදුලිබල මණ්ඩලය විසින් තමන් වෙත ලබාදීමට කටයුතු කළහොත් මෙම වසර අවසන් වීමට පෙර විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය ප්රකාශයට පත් කළ හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසනවා.
කෙසේ වෙතත් විදුලි බිල සංශෝධනය සම්බන්ධයෙන් වූ වාර්තාව හෙට දිනයේ මහජන උපයෝගිතා කොමිසමට ලබාදීමට අපොහොසත් වුවහොත් මෙම වසර තුළ විදුලි බිල සංශෝධනයක් සිදු කිරීමට අදාළ අවසන් තීරණය දැනුම් දීමට නොහැකි වන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.
මහජන උපයෝගිතා කොමිෂන් සභාව පැවසුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාදෙන වාර්තාවෙන් පසුව එම කොමිසමට සති 04 ක හෝ 05 ක කාලයක් අදාළ කටයුතු සඳහා වැයවන බවයි.