Thursday, December 26, 2024

General line - 0115112241

මෝදි ලෝක නායකයින් සමග ආයුර්වේදය ගැන කතා කරයි




ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි G20 සමුළුවට සමගාමීව චිලී ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් ෆොන්ට් සහ ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමඟ සාකච්ඡා පැවැත්වීය.

එහිදී ඔවුන් ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කිරීමේදී ආයුර්වේද අංශයේ වැදගත් කම පිළිබඳ සාකච්ඡා කර තිබේ.

අගමැති මෝදි X හි සටහනක් තබමින් පවසා ඇත්තේ “චිලි ජනාධිපති ගේබ්‍රියෙල් බෝරික් ෆොන්ට් මහතා රියෝ ද ජැනයිරෝහිදී හමුවිය. චිලී සමඟ ඉන්දියාවේ සබඳතා විවිධ අංශ හරහා ශක්තිමත් වෙමින් පවතී.''

''ඖෂධ, තාක්‍ෂණය, අභ්‍යවකාශය සහ තවත් බොහෝ දේ සම්බන්ධයෙන් සබඳතා ගැඹුරු කරන්නේ කෙසේද යන්න පිළිබඳව අපගේ සාකච්ඡා අවධානය යොමු විය.''

''චිලියේ ආයුර්වේදය ජනප්‍රිය වෙමින් පවතිනු දැකීම සතුටට කරුණකි. මෙයද සබඳතා වේගවත් කළ හැකි අංශයකි.'' යනුවෙනි.