Saturday, November 23, 2024

General line - 0115112241

ලබා දෙන සහනවල වාසිය පාරිභෝගිකයන්ට නොදෙන පාර්ශව ගැන රජයේ අවධානය




සෑම වසරකම මුහුණ පෑමට සිදුවන සහල් මිල වැඩිවීම නතර කර ගැනීම සඳහා නව ආණ්ඩුව විසින් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඒකාබද්ධ කර ගනිමින් දීර්ඝ කාලීන වැඩසටහනක් ආරම්භ කළ යුතු බව මරදගහමුල්ල සහල් නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.  

මේ, එහි සභාපති බී. කේ. රංජිත් මහතා.

මහා පරිමාණ සහල් මෝල් හිමියන් ගෙන යන ක්‍රියාකලාපය හේතුවෙන් ඉදිරියටත් නැවත වරක් සහල් මිලෙහි වැඩිවීමක අවදානමක් පවතින බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසුවේ තවදුරටත් සහල් මෝල් හිමියන්ට සහල් සඟවාගෙන සිටීමට නොහැකි වනු ඇති බවයි.