කුලියාපිටිය ප්‍රදේශයේදී බුජ්ගමුඔයට ජීප් රථයක් පෙරළී එහි සිටි තරුණයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
පොලීසිය පැවසුවේ එම ජීප් රථය අද අලුයම බුජ්ගමුඔයට පෙරළී ඇති බවයි.
අනතුරුව දොඹකරයක් මාර්ගයෙන් අදාළ ජීප් රථය ගොඩ ගෙන තිබෙනවා.
එම අවස්ථාවේ ජීප් රථය තුළ තරුණයන් දෙදෙනෙකු සිටි බවයි පොලීසිය පැවසුවේ.
අසාධ්‍ය තත්ත්වයේ සිටි ඔවුන් දෙදෙනා කුලියාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.
අවුරුදු 25 සහ 27 වයස්වල පසුවූ එම තරුණයන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු බවටයි අනාවරණ වී ඇත්තේ.
ඔවුන් දෙදෙනා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය පැවසුවා.