Saturday, November 23, 2024

General line - 0115112241

ඉන්දු - අමෙරිකානු ආරක්ෂක ප්‍රධානීන් අතර හමුවක්




ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සහ අමෙරිකානු ආරක්ෂල ලේකම් ලොයිඩ් ඔස්ටින් අතර හමුවක් සිදුව තිබෙනවා.

ඒ, ලාඕසයේ Vientiane හිදීයි.

එහිදී ද්විපාර්ශවීය මෙහෙයුම් සම්බන්ධීකරණය, තොරතුරු හුවමාරු කර ගැනීම සහ කාර්මික සහයෝගීතාවය සහ නවෝත්පාදනයන් කෙරෙහි අවධානය යොමු කරමින් ඉන්දියානු-එක්සත් ජනපද ආරක්ෂක හවුල්කාරිත්වයේ ආකර්ෂණීය ප්‍රගතිය සම්බන්ධයෙන් ඔවුන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

"ජෙට් එන්ජින්, යුධෝපකරණ සහ භූ චලන පද්ධති සඳහා ප්‍රමුඛතා සම නිෂ්පාදන විධිවිධාන ඉදිරියට ගෙන යාම සඳහා අඛණ්ඩ සහයෝගීතාව ඇතුළුව ඉන්දු - අමෙරිකානු ආරක්ෂක කාර්මික සහයෝගීතා මාර්ග සිතියම යටතේ ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය දෙපාර්ශ්වයම හඳුනාගෙන ඇත" යනුවෙන් ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

සිං සහ ඔස්ටින් එලෙස සාකච්ඡා පවත්වා තිබුණේ 11 වැනි ආසියාන් ආරක්ෂක අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීවයි.