Saturday, November 23, 2024

General line - 0115112241

විදුලි ගාස්තු යෝජනාවලිය දෙන්න ලංවිම තවත් සති දෙකක් ඉල්ලයි




විදුලි ගාස්තු අඩු කිරීමට අදාළ යෝජනාව ඉදිරිපත් කිරීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් තවත් සති දෙකක කාලයක් ඉල්ලා තිබෙනවා. 

ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් යෝජනාවලියක් මීට දින 45කට පමණ පෙර ලංකා විදුලිබල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිෂන් සභාවට ඉදිරිපත් කර තිබුණා. 

එහෙත් එම යෝජනාවලියේ ඉදිරිපත් කර තිබූ විදුලි ගාස්තු අඩු කිරීමේ ප්‍රතිශතය ප්‍රමාණවත් නොවන බව පවසා යළි එය සකස් කර එවන ලෙසට එම කොමිෂන් සභාව දැනුම් දුන්නා. 

ඒ, තවත් සති දෙකක කාලයක් ලබා දෙමින්. එම සති දෙකක කාලය පසුගිය 08 වනදායින් අවසන් වූ අතර යෝජනාවලිය සකස් කිරීම සඳහා තවත් සති දෙකක කාලයක් ලබා දෙන ලෙසට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉල්ලීම් කර තිබුණා. 

එම කාලය ඊයේ දිනයෙන් අවසන් වූ අතර අදාළ යොජනාවලිය සකස් කිරීමට තවත් සති දෙකක කාලයක් මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි නෙත් නිවුස් කළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ධනුෂ්ක පරාක්‍රමසිංහ මහතා පැවසුවේ.