ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාම යෝජනා පත්‍ර අවලංගු කර යළි නාම යෝජනා කැඳවිය යුතු බව ශ්‍රී ලංකා නිදහස් ලක්ෂය පවසනවා.
එහි සභාපති හිටපු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසුවේ එම නාම යෝජනා පත්‍ර අවලංගු කිරීම සඳහා වත්මන් රජය අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව එම පක්ෂ මූලස්ථානයේදී රැස් වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පක්ෂ සභාපතිවරයා මෙම අදහස් පළ කළා.