පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇති බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.
මහනුවර දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ අනෙකුත් පක්ෂ සමඟ සාකච්ඡා කර පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය කර අලුතෙන් නාම යෝජනා කැඳවා මැතිවරණය පැවැත්වීමට අවධානය යොමු කරන බවයි.
මේ අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා.
කලින් ප්‍රකාශ කළ පරිදි දූෂණ සහ වංචාවලට සම්බන්ධ පුද්ගලයින්ට එරෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව කටයුතු කළ යුතු බවයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුරංග රත්නායක මහතා පැවසුවේ.
මේ, ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන්තිලක ජයකොඩි මහතා.
ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ද අදහස් පළ කළා.