අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා මේ වන විටත් සියලු කටයුතු සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ ලබන සඳුදා ආරම්භ වන උසස් පෙළ විභාගය දෙසැම්බර් 20 වනදා දක්වා දින 22 ක් පුරා ක්‍රියාත්මක බවයි.
විභාගයට අදාළ ප්‍රශ්න පත්‍ර පොලිස් ආරක්ෂාව යටතේ සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.