පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මාතලේ, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක ප්‍රදේශ කිහිපයක නාය යෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
අද උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
මේ වන විට පවතින ආපදා තත්ත්වය සම්බන්ධයෙන්ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙලෙස අදහස් පළ කළා.
මේ අතර කාලගුණ විද්‍යා අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පැවසුවේ අද පස්වරුව වන විට වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.
ලබන 30 වනදා වන විට පවතින වැසි තත්ත්වය අඩු වනු ඇති බවයි ඔහු පැවසුවේ.