උපුටා ගැනීමයි
" ඕනෑම රජයක් පත් වූ වහාම මුහුණ දෙන අභියෝගය වන්නේ ඉහල නිලතලවලට පත් කිරීම් ය.
හැමදාමත් තම්න්ට විශ්වාස දන්නා හඳුනන කෙනෙක් ජනාධිපති ලේකම් ට පත්කරනු ලැබේ.
ඊ ලඟට පළමු වටයේ ජනාධිපති කාර්‍යාලයට පත්වන්නේ දේශපාලනික සබඳතා ඇති කලින් දන්නා හඳුනන කීප දෙනෙකි.
ඉන් පසුව ඔවුන් හා ඇතැම් විට විශ්‍රාමික ජෙයෂ්ඨ නිලධාරීන් කීප දෙනෙක් ද සම්බන්ධ වී අනෙකුත් ලේකම් වරුන් හා ඉහල තනතුරු වලට තෝරා ගැනෙයි.
ඒවායෙ ඇතැම් තනතුරු හෝ කිසියම් තනතුරු ප්‍රමාණයක් තමන් දේශපාලනිකව හෝ වෙනත් අයුරින් දන්නා අයට වෙන්වෙති..
මෙහිදී එසේ සබදතා නැති නිලධාරීන් තෝරා ගැනීමේදී දේශපාලන අධිකාරියට සිදුවන්නෙ අර ඉහත කී සමීප පලමු වටයේ නිලධාරීන් ගේ නිර්දේශ මත ක්‍රියා කිරීමටය.
මෙය හැමදාම බලයට පත්වන රජයන් මුහුණ දෙන හා ක්‍රියා කරන පිලිවෙතයි.
ඉහල තනතුරු වලට පත්කිරීමේ නිර්නායක නැත.
සේවයේ ලාබාලද විශ්‍රාම ද රාජ්‍ය සේවයේද පිටස්තරද ඒ කිසිවක් අදාල නොවේ.එසේ ඉඩකඩ තබා ඇත්තේම තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් ප්‍රකාශ ක්‍රියාවන් බවට පත්කල හැකි දක්ෂයින් තෝරා ගැනීමටයි...
කෙසේ වුවද ඉහත කී නිර්දේශ කරන නිලධාරි කමිටුවේ පුලුල් බව හා අත්දැකීම් බහුල කම හා පරිනත බව නැත්නම් එකී නිර්දේශ තමා නියෝජනය කරන සේවා , සේවයට බැඳුනු කංඩායම් වැනි කරුණු වලට සීමා වේ.
එය කාගේවත් වරදක් නොවේ.
තමන් කවුරු හෝ නිර්දේශ කරන විට ඒ පිලිබඳ වගකීමක් ඇති බැවින් එය සිදුකරනු ලැබේ.
හමුදා නිලධාරීන් සිවිල් තනතුරු වලට පත්වූයේ ද රාජ්‍ය නායකත්වය ඒ ගැන දන්නා හා විශ්වාස කල නිසාය..
කෙසේ වුවද ඕනෑම රජයක් බලයට පත් වී මාස හයක් පමණ යනවිට රාජ්‍ය යාත්‍රාව ගැඹුරු දියඹේ යාත්‍රා කිරීමට සිදුවේ.
වසරක් පමණ යනවිට අමාත්‍යවරයාට ලේකම් වරයා හෝ ආයතන ප්‍රධානීන් ගේ කාර්ය සාධනය, තීරණ ගැනීම හා මහජන සම්බන්ධතාවන්වල පරිමාව පෙනෙන්නට ගනී.
අර්බුධ හා අභියෝග අවස්තාවලට මුහුන දීමට ඇමතිවරයාට හා රජයට උදව්කරන ප්‍රමාණය තේරුම් ගනී..එසේම දක්ෂ නිලධාරීන් හඳුනා ගැනීමටද අවස්තා උදාවේ.
කොහොමත් ඇමැති වරයා ලේකම් වරයා හා ආයතන ප්‍රධානීන් පොදු අරමුණ සඳහා එකවගේ ක්‍රියා කරනවිට ගැටුම් අඩුය.
ඒ කෙසේ වෙතත් දිපව්‍යාප්ත් සේවාවලට එකතුවන සේවකයිට ඉහල තනතුරකට පත්වීමේ අභිලාශයක් පවතී.
දිගින් දිගටම ඒ අවස්ථා මග හැරෙන විට දක්ෂ නිලධාරීන් ඉවත් වීම හෝ උපරිමයෙන් ක්‍රියා නොකිරීම දක්නට ලැබේ.
උදාහරනයක් ලෙස මහ බැංකු අධිපති ධූරය හැමදාම පිටින් පත්කල හොත් මහ බැංකුවේ නිලධාරීන් ගේ අභිප්‍රේරණයට බලපායි. රාජ්‍ය සේවයේත් කිසියම් ප්‍රමාණයක් ඉක්මවා එම තත්වය සිදු වුවද එය ඒ අයුරින්ම සිදු වේ..
මේ ගැටලුවට අලුතෙන් පත්වෙන ආංඩු හැමදාම මුහුන දෙන අතර ක්‍රමවේදයක් නොමැති තැනදී සම්බන්ධතා මත තනතුරු වලට නිර්දේශ කිරීම් මහා කරදරයක් බවට පත්වේ .
අයෙක් ආගමික නායකවරුන් හරහාද විවිධ සබදතා හරහාද මේ බලපෑම් සිදුකරනු ලැබේ. මේ කිසිවතු පස්සේ නොයන තමාගේ රාජකාරි ටික හරියට කරන නිලධාරීන් ද රාජ්‍ය සේවයේ සිටිති. බොහෝ විට ඔවුන් මුණ ගැහෙන්නෙ දෙවෙනි වටයේ දීය..
දිස්ත්‍රික් හා පළාත් නිලධාරීන් නොපෙනීම තවත් මෙවැනිම ගැටලුවකි.
බොහෝ වෙලාවට දිස්ත්‍රික් හෝ පලාත් නිලධාරීන් ලේකම් හෝ ආයතන ප්‍රධානීන් බවට පත් වූයේ ඒ ප්‍රදේශයේ ආංඩුවේ බලවත් දේශපාලඥඥයකු හෝ ඒ දිස්ත්‍රික්යෙන් පත් වූ දේශපාලනඥ්ඥයා නිර්දේශ කල නිසයි.
උදාහරනයක් ලෙස ජ.වි.පෙ. පෙර පැවැති ආංඩුවේ ඇමැති ධූර දරන විට තෝරාගත් ලේකම් වරු හතර දෙනාම ජෙයෂ්ඨ හා පරිනත නිලධාරීන් විය.
එසේ නොවන්නට උතුරු මැද පලාත් සභාවෙ සිටි ගුරුගේ සර් වැනි දක්ෂ පරිනත ලේකම්වරයෙකු මධ්‍යම රජයට ඇස ගැටෙන්නේ නැත..
තවද රාජ්‍ය සේවයේ ඉහල තනතුරු වලට පත්කිරීම් වලදී ඔවුන්ට නොපෙනන හෝ මග හැරුණු කරුනු තිබේ.
ඒවා පෙන්වා දීමට කවුරු හෝ සිටිය යුතු අතර එය පිලිගැනීමට හෝ සලකා බැලීමට අනතිමානී ගුණයක් තිබිය යුතුය.
එක් වරක් සියලුම අමාත්‍යාංශ ලේකම් වරුන් පත් වූයේ සිංහල අය පමණි.
ඒ අවස්ථාවේ ජනාධිපති කාර්‍යාලයට මා ඒ බැව් පෙන්වා දෙන ලදී.
ටික වේලාවකින් එහෙම නම් පත් කරන්න සුදුසු දෙමල හා මුස්ලිම් නිලධාරී නම් දෙකක් යෝජනා කරන ලෙස මාවෙත දන්වන ලදී.
ඒ වෙලාවෙ මා කිව්වෙ සමහර විට මගේ නිර්දේශ කරන දෙන්නට වඩා හොඳ හා දක්ෂ නිලධාරීන් පළත් සභා හෝ දිස්ත්‍රික් වල ඉන්න පුලුවන් .
මම නිර්දේශ කරන්නෙ මා දන්නා සදාචාර සම්පන්න වැඩක් කරන්න පුලුවන් බැව් පෙන්වා ඇති දෙන්නෙක් බවය.
කෙසේ හෝ ඒ දෙන්නාටම ලේකම් ධූර ලැබිණි.
දක්ෂයො ඉන්නෙ සිංහල නම් දෙමල නම් හෝ මුස්ලිම් නම් ජාතිය නොසලකා පත්කලාට කමක් නැත.
එහෙත් ජාතිය නිසාම කිසිවකු නිර්දේශ නොවන්නේ නම් වරදකි.
වරක් එක් අමාත්‍යාංශයක දක්ෂ මුස්ලිම් නිලධාරියෙකු අතිරේක ලෙකම් ලෙස සිටියදී ඊට වසර දහයක් පමණ කනිෂ්ඨ නිලධාරීයෙකු ලේකම් ලෙස පත් කරන ලදී.
එසේම වරක් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට සිංහල කොමසාරිස් වරුන් පමණක් පත්කරන ලදී. පෙන්වා දුන් වහාම එය නිවැරදි කරන ලදී.
එසේම කාන්තා නියෝජනය සම්බන්ධ තත්වය ද එසේමය. මාණ්ඩලික නිලධාරීන් ගෙන් වැඩි ප්‍රතිශතයක් කාන්තාවන් වන අතර බොහෝ විට එම නියෝජනය ගැන සැලකිලිමත් වීම වැදගත් වේ.
දිස්ත්‍රික් ලේකම් තනතුරු වල දක්ෂ කම් පෙන්වා ඇති කාන්තා නිලධාරීනියන් ලේකම් තනතුර සඳහා මා ද පෙන්වා දුන් නමුත් ඒ පිලිබඳ අවධානය යොමු වූ යේ නැත..
නව රජයේ රාජ්‍ය පාලනය හා ආංඩුකරණය පිලිබඳ පුලුල් දැක්ම පිලිබඳ විශ්‍රාමික සාම්ප්‍රදායික රාජ්‍ය නිලධාරියෙකු වූ මට ලොකු අවබෝධයක් නැත.
එහෙත් පෙර සිදු වූ ඇතැම් දේ හා ගත් ක්‍රියා මාර්ග දෙවෙනි වටයේදී ප්‍රයෝජනවත් විය හැකිය..
මා ලේකම් වරයෙකු ලෙස පත් වූයේද තවත් බොහෝ ලේකම් වරුන් පත් වූයේද දෙවෙනි වටයේ දීය.
එම අවස්ථාවේ සිටි ලේකම්වරුන්ට ලේකම් ධූර සඳහා ඉදිරියේදී පත් කිරීමට සුදුසු නිලධාරීන් දෙදෙනෙකු නම් කරනලෙස ජනාධිපති ලේකම් විසින් උපදෙස් දී තිබිනි.
මගේ ලේකම් වරයා බොහොම සතුටින් මගේ නම් නිර්දේශ කොට මා ද දැනුවත් කරන ලදී.එසේම තවත් ලේකම් වරුන් කීප දෙනෙක්ම මගේ නම නිර්දේශ කොට තිබුන බැව් පසුව දැනගන්නට ලැබිනි.
එයද අනුගමනය කරන ලද එක්තරා ක්‍රමවේදයකි.
මමද ලේකම් වරයෙක් වූ පසුව ලේකම් වරු පත්කර ගන්නා අවස්ථාවලදී මා දක්ෂයන් ලෙස හඳුනාගත් ජෙයෂ්ඨ නිලධාරීන් සේවා භේදයකින් තොරව ලේකම් තනතුරු සඳහා සුසුදු බැව්
දන්වා යවන ලදී. ඇතැම් අය දැනටමත් තෝරා ගෙන තිබේ යැයි ජනාධිපති කාර්‍යාලයෙන් මට දැන්වූ අවස්ථා තිබේ..
දිස්ත්‍රික් ලේකම් වරුන් පත් කිරීමද කිසිම ක්‍රමවේදයක් නැති දෙයකි.
සමහර විට දිස්ත්‍රික්කය තුල දක්ෂ ප්‍රාදේශීය ලේකම් වරු හා ජෙයෂ්ඨ අතිරේක දිස්ත්‍රික් ලේකම් වරුන් සිටියදී හිටපු ඇමැති වරයෙකු ඔහුගේම දිස්ත්‍රික්කයෙන් පත්කිරීම් කිරීමට මැදිහත් වීම දක්නට ළැබිනි.
මේ නිසා ලකුනු ක්‍රමයක් මත අයදුම් පත් කැඳවා ඉහලම ලකුණු ගන්නා නිලධාරීන් තිදෙනා අමාත්‍ය මංඩලයට නිර්දේශ කිරිමටත් එයින් කැමති කෙනෙක් පත් කිරීමට එම ක්‍රමවේදය තුලින් හඳුන්වා දෙනු ලැබීය.
අයදුම් පත් කැඳවා දෙසැම්බර් 29 සම්මුඛ පරීක්ෂණ කැඳවා තිබූ අතර දෙසැම්බර් 28 මා මාරුකරන ලදී.
ඉහත කී දේශපාලඥ්ඥයාගේ ඉල්ලීම පරිදි අලුතෙන් පැමිණි ලේකම් පලමු රාජකාරි ය ලෙස එම සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය අවලංගු කරන ලදී.
ක්‍රමවේදයක් වැදගත් වන්නේ අඩුම තරමින් යම් පමණකට හෝ සාධාරණ තෝරා ගැනීමක් සඳහාය.කොලඹ අමාත්‍යාංශ ගතව හැදි වැඩී වැඩිම විදේශ සංචාර ගනනක් ගොස් ප්‍රශ්චාත් උපාධි ශිෂ්‍යත්ව දෙක තුනක් කොට ඉහල තනතුරුවලට එනවා වගේම ප්‍රාදේශීය සභා, පලාත් සභා , මධයම ආංඩුවේ දේශපාලඥ්ඥයින් සමග ඔට්ටු වෙමින් ගංවතුර සුලං නායයැම , අලි ප්‍රශ්න , ආදී දහසකුත් එකක් ප්‍රශ්න වලට ප්‍රායෝගිකව මුහුණ දෙමින් ප්‍රාදේශීය පරිපාලනයේ නියුතු අයට දිස්ත්‍රික් හා පලාත් මටටමේත් දිස්ත්‍රික් හා පලාත් මට්ටමේ අයට ජාතික මට්ටමේත් තනතුරු වලට පත්කිරීමේදී කිසියම් ප්‍රතිශතයකින් අවධානය යොමු විය යුතුය ..
උප කුලපති වරුන් පත් කිරීමේදී පවා ඇතැම් උප කුලපති වරු නැවැත පත්වීම සඳහා එකල ජනාධිපති කාර්‍යාලය වෙත විවිධ පාර්ශව මඟින් විශාල ලෙස පීඩනයක් එල්ල කරන ලදී.
UGC එක මඟින් අයදුම් පත්කැඳවා නිර්නායක මත සම්මුඛ පරීක්ෂණ පවත්වා නිර්දේශයන් තුනක් ලබාගෙන ඉන් එක් අයෙකු පත්කිරීමට ජනාධිපති වරයාට නිර්දේශ කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේ ඒ නිසාය.අනුප්‍රාප්තික ජනාධිපති තුමා එම ක්‍රමවේදය අවලංගු කොට පෙර ක්‍රමයට යන ලදී...
මෙම ඉහල පත්කිරීම් සඳහා කවදාවත් දේශපාලඥයකුගේ නිර්දේශ නොගත් පිරිසක් එදත් සිටියේය.අදටත් බොහෝ පිරිසක් එසේ පත් වී සිටිති.
විවිධ ප්‍රාර්ශව හරහා ජනාධිපති කාර්‍යාලයට බලපෑම් සිදුකොට පත් කිරිම් කරන ලෙස ඉල්ලා සිටින පිරිසක් එකල සිටියේය. වත්මන් රජයට හවුල් කාර පක්ෂ ආදිය නැති නිසා එවැනි ඉල්ලීම් නැතිව ඇතැයි සිතමි..
කෙසේ හෝ බොහෝ අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවට මෙන්ම අමාත්‍ය තනතුරුට අලුත් ය.
එහෙත් ඔවුන් දේශපාලනිකව පරිනතය. එසේම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් දෑ ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට ඔවුන් සපත කර සිටී.
එසේම මුලු මහත් ජනතාව පුනරුද යුගයක සුබ සිහින දකිමින් සිටිති. ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක සැලස්මක් බවට පත්කොට භාන්ඩාගාර ප්‍රතිපාදන මත පමණක් නොයැපෙමින් රාජ්‍ය නොවන සංවිධාන හා වෙනත් උපායමාර්ග හා ජනතාව සම්බන්ධ කරගනිමින් එකී අරමුණු සාක්ෂාත් කරගැනීමට කැපවීම අභිනව ලේකම් වරුන් හා ආයතන ප්‍රධානීන් ගේ වගකීමයි.
IMF විසින් ලබා දී ඇති පරාමිතීන් දෙසට රට මෙහෙයවීමද කල යුතුය ..
මේ අභියෝගය ජයගැනීමට ලේකම් වරයා අමාත්‍යාංශයට හා ආයතන මෙහෙයවීමට ලබාදෙන නායකත්වය ඔබට මෙන්ම රටටද වැදගත් ය.."
උපුටා ගැනීම අවසන්
හිටපු අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නෙ මහතා