Friday, November 29, 2024

General line - 0115112241

මංකොල්ල කෑමේ ප්‍රයත්නයක යෙදුනු සැකකරුවෙකු යුද්ධ හමුදා සැරයන් විසින් අල්ලා පොලිසියට භාර දෙයි




කිලිනොච්ච් මලයාලපුරම් හි ස්ථානගත යුද්ධ හමුදා කඳවුර ඉදිරි පස පිහිටි අතුරු මාවතක ගමන් කරමින් සිටි ද්‍රවිඩ යුවලක් සන්තකයේ තිබූ වටිනා දේ පැහැරගෙන යාමට තැත් කළ යතුරු පැදි කරුවෙකු අදාල යතුරු පැදියද සමගින් අල්ලා කිලිනොච්චි  පොලිස් ස්ථානය වෙත භාර දීමට එම යුද්ධ හමුදා කඳවුරේ සේවය කරන සැරයන් වරයෙකු කටයුතු කර තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණි සැකකරු සහ තවත් පුද්ගලයෙකු ඊයේ දින හවස 7ට පමන  මංකොල්ලය සිදුකර පලා යෑමට තැත් කර  ඇති අතර මෙම සිදුවීම දැක ක්ෂණිකව ක්‍රියාත්මක වූ එම කඳවුරේ සේවය කරන සැරයන් දිනේෂ් කුමාර විසින් එක් සැකකරුවෙකු අල්ලාගෙන මෙලෙස පොලීසිය වෙත භාරදී ඇත.

කෙසේ වුවද, මෙම මංකොල්ල කෑමේ ප්‍රයත්නයට සහය දුන් තවත් සැකකරුවකු මෙම සිද්ධිය වන අවස්ථාවේ සිදුවූ පොර බැඳීමකදී පලා ගොස් ඇති අතර, එම සැකකරු අත් අඩංගුවට ගැනීම සඳහා කිලිනොච්චි පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා 

සිද්ධිය සම්බන්ධයෙන් කිලිනොච්චි පොලිස් ස්ථානාධිපති ඇතුළු නිලධාරින් විසින් වැඩිදුර පරීක්‍ෂණ මෙහෙයවනු ලබයි.