දිවයිනට බලපෑ ඇති අයහපත් අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ යාපනයේ ඩෙල්ෆ්ට් දූපතේ නෙඩුන්තිව් රෝහලේ වැඩිදුර ප්‍රතිකාර අවශ්‍යව සිටි රෝගීන් තිදෙනකු ගුවනින් යාපනය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රෝගීන් නෙඩුන්තිව් සිට පලාලි ගුවන් තොටුපළ වෙත ගුවනින් ප්‍රවාහනය කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහල වෙත මාරුකර යැවීමට කටයුතු කර තිබුනා.
මේ වන විට යාපනය සහ ඩෙල්ෆ් දූපත අතර පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් සාමාන්‍ය ගමනාගමනය නතර කර තිබෙනවා.