Friday, November 29, 2024

General line - 0115112241

කෙහෙළියගේ දුරකතන බිල් නඩුව පෙබරවාරි 18ට කල් යයි

උදය කුමාර




ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සිය පෞද්ගලික ජංගම දුරකථන බිල වශයෙන් රුපියල් දෙලක්ෂ 30,000කට ආසන්න මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩුවක් සිදු කළ යැයි චෝදනා කොට, හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල සහ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති ජයම්පති හීන්කෙන්ද යන මහත්වරුන්ට එරෙහිව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගැණුනා.

එහිදී අල්ලස් කොමිසමේ මෙහෙයවීම යටතේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුකළා. 

ඉන් අනතුරුව වැඩිදුර නඩු විභාගය පෙබරවාරි මස 18 වනදා දක්වා කල් තැබුණා. 

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් 2012 වසරේ මාර්තු සහ අප්‍රේල් මාස අතර දක්වා කාලය තුළ සිය පෞද්ගලික ජංගම දුරකථනයට ගෙවිය යුතු රුපියල් දෙලක්ෂ තිස් දහසක මුදලක් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ අරමුදල් වලින් ගෙවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් ඉකුත් යහපාලන රජය සමයේ විත්තිකරුවන් දෙදෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබෙනවා.