Monday, December 2, 2024

General line - 0115112241

පීඩන අවපාතයේ බලපෑම තවදුරටත් - උතුරට අදත් වැසි




නිරිත දිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය ඉදිරි කාලසීමාවේදී සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙමින් හෙට දිනයේ තමිල්නාඩු වෙරළ දක්වා ගමන් කිරීමට වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

ඒ අනුව අද දිනයෙන් පසු දිවයිනේ කාලගුණයට මෙම පද්ධතිය මගින් වන බලපෑම ක්‍රමයෙන් අඩු වනු ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

ඒ, සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් මහතා.